ආර්ථික අර්බුදය ; ''රුපියල් ලක්ෂයක වටිනාකම අවුරුදක් තුළ තිස්දාහට අඩු වෙලා.''

වීඩියෝ ශීර්ෂ වැකිය, ''රුපියල් ලක්ෂයක වටිනාකම අවුරුදක් තුළ තිස්දාහට අඩු වෙලා.''

2021 අගෝස්තු සිට 2022 අගෝස්තු දක්වා වසරක කාලය තුළ රුපියල් ලක්ෂයක වටිනාකම රුපියල් 30,000 දක්වා අඩුවී ඇති ආචාර්ය හර්ෂ ද සිල්වා අද (අගෝස්තු 31) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඔහු සඳහන් කළේ ආර්ථිකය ගොඩ නැගීමේ වැඩපිලිවෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුව ද ඊට එරෙහි මත දරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවයි.

වැට් බද්ද 3%කින් වැඩි කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට එකඟ නොවන්නේ නම් අයවැය පරතරය අඩු කර ගැනීම සඳහා රජයේ අදායම් වැඩි කරන්නේ කෙසේදැයි ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විපක්ෂයෙන් විමසන ලදී.