ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පොලීසියේ බාධා නොතකා ගාලු මුවදොරදී යැවුණු විරෝධතා සරුංගල්
ආණ්ඩුවේ මර්දනයට එරෙහිව තමන් මෙලෙස සරුංගල් යවමින් විරෝධය පළ කිරීමට අදහස් කළ බව 'SHE TALKS' නමැති කාන්තා එකමුතුව පවසයි.
කෙසේ වෙතත් ඒ සඳහා පොලීසියෙන් එල්ලවුණු බාධා නොතකා ගාලු මුවදොර පිටියේදී අගෝස්තු 27 (සෙනසුරාදා) මෙම විරෝධතාවය පැවැත්වුණි.
ත්‍රස්තවාදය වැළක්වීම වැනි පනත් යොදාගෙන සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් රඳවා ගැනීමට ආණ්ඩුව සහ පොලීසිය දරන උත්සාහයට විරෝධතාවය පළ කිරීම සඳහා මෙය සංවිධානය කළ බවත්, මර්දනයට බිය වී අරගලය අත් නොහරින බවත් විරෝධතාවයට සහභාගීවුවෝ අවධාරණය කළහ.