ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුවාන් වැන්ග් 5 හම්බන්තොටට : "බටහිර ජාතීන්ට ශ්‍රී ලංකාව, චීනය හා ඉන්දියාව අතර ඇති බැඳීම වටහා ගන්න බෑ"-සරත් වීරසේකර
භූ දේශපාලනික අර්බුදයක් දක්වා වර්ධනය වූ ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාව අද උදෑසන 8 ට පමණ හම්බන්තොට වරායට පැමිණ එහි නැංගුරම් ලා තිබෙන අතර නෞකාව මෙරටට පිළිගනිමින් රාජ්‍ය තාන්ත්‍රික උත්සවයක් වරාය පරිශ්‍රයේ දී අද (අගෝස්තු 16) පැවැත්වීය.
එහිදී හිටපු අමාත්‍ය සරත් වීරසේකර රජය වෙනුවෙන් එම උත්සවයට සහභාගී වෙමින් චීන ජනරජයෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට මෙම මොහොතේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක කරගැනීම ශ්‍රී ලංකාවේ දිගුකාලින මිතුරෙකු ලෙස උපකාර කරන ලෙසයි.
"චීනය ඇතුලු අපගේ ජාත්‍යන්තර මිතුරන්ගේ සහය අපට ලැබුනහොත් රටේ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට පිළියම් යෙදිය හැකි" බවට ඔහු පැවසීය.
වීරසේකර පැවසුවේ මෙම අවස්ථාව දෙරටේ සහයෝගිතාවය වර්ධනය වීමට හේතුවක් වන බවයි.
"බටහිර ජාතීන්ට ශ්‍රී ලංකාව, චීනය හා ඉන්දියාව අතර ඇති බැඳීම වටහා ගත නොහැකියි. අප ජාතීන් ත්‍රිත්වය බුද්ධ ධර්මය, වෙළදාම හා ආධාර, උපායශීලි සම්බන්ධතා හා ජාත්‍යන්තර සබඳතා මත වර්ධය වී ඇත. ආසියාව ශක්තිමත් කිරීමට ආසියානුවන් එකමුතුවී වැඩ කල යුතුයි. චීනය ශ්‍රී ලංකාවට අත්හළ නොහැකි සහ විශ්වාස කළහැකි මිතුරෙකි." ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.