ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ඕගොල්ලෝ ජාත්‍යන්තර වශයෙන් චාටර් වෙන්න මේ හදන්නේ":අද අලුයම ගාලු මුවදොර අරගල භූමියේදී මොකද වුනේ?
කොළඹ, ගාලු මුවදොර අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ ඒ අවට ප්‍රදේශයෙන් පළවා හැරීමට ආරක්ෂක අංශ අද අලුයම (ජූලි 22) පියවර ගන්නා ලදී.
ඒ අවස්ථාව සජීව ලෙස ආවරණය කරමින් සිටි BBC මාධ්‍යවේදීන් ඇතුළු තවත් මාධ්‍යවේදීන් ගණනාවකටම රජයේ ආරක්ෂක නිලධාරීහු පහර දුන්හ.
එම ස්ථානයේ සිටි BBC දෙමළ සේවයේ ජෙරින් සැමුවෙල්ට පහරදීමෙන් පසු සොල්දාදුවෙක් ඔහුගේ ජංගම දුරකතනය උදුරාගෙන එහි දර්ශන මකා දැමීමට ද කටයුතු කරන ලදී.
මාධ්‍යවේදීන්ට පහරදුන් බව තමන් නොදන්නා අතර ඒ ගැන සොයා බලන්නම් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා BBC කළ විමසීමකදී පැවසුවේය.
කොළඹ, ගාලු මුවදොර අරගල භුමියේ ක්‍රියාකාරීන් සහ සාමාන්‍ය සිවිල් වැසියන් බොහෝ දෙනෙකුට හමුදා සෙබළුන් විසින් අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කරන දර්ශන සහිත බොහෝ වීඩියෝ පට මේවන විට අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් පවතින අතර මෙම සිදුවීම හේතුවෙන් ජාත්‍යන්තර අවධානයේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබේ.