ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රනිල් වික්‍රමසිංහ: දැඩි ආරක්ෂක රැකවල් මැද ජනපති ලෙස දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දැඩි ආරක්ෂක රැකවල් මැද අද (ජූලි 21) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.
අවස්ථා හයකදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ ඔහු 2020 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමි වූ එකම මන්ත්‍රී ධූරය සඳහා 2021 වර්ෂයේ ජුනි මස 23 දින 09 වැනි පාර්ලිමේන්තුවට පැමිණියේය.
පාර්ලිමේන්තුවේ එකම මන්ත්‍රීධුරයක් හිමි පක්ෂයක සාමාජිකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය හිමි කර ගැනීම සහ රටේ ජනාධිපතිවරයා බවට පත්වීම ගැන ලොවපුරා දැඩි අවධානයක් යොමුව තිබේ.