රනිල් වික්‍රමසිංහ :"නීතිය,සාමය ආරක්ෂා කරලා අපි එකතුවෙලා රට ගොඩ ගන්ට උවමනායි"

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (ජූලි 18) පැවසුවේ මේ වන විට රටේ ඉන්ධන බෙදාහැරිම යථා ත්ත්වටයට පත් කරමින් සිටින බවත් මේ වන විට වඩා වැදගත් කාරණය රටේ දේශපාලන පක්ෂවල අනාගත ක්‍රියාමාර්ග ගැන තීරණයක් ගැනීම බවයි.

"අපි එක් එක්කෙනාට විරුද්ධ වෙලා රට විනාස කරනව ද නැත්නම් අපේ පක්ෂ සාමුහිකව රට වෙනුවෙන් වැඩ කටයුතු කරලා මේ රට ගොඩ ගන්නවද කියන එක තමයි වැදගත් ම දේශපාලන ප්‍රශ්නය අද අපිට තියෙන," වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

"නීතිය සාමය ආරක්ෂා කරලා අපි එකතුවෙලා රට ගොඩ ගන්ට උවමනායි. මේ රට ගොඩගන්න පුළුවන් අවුරුදු ගණන් උවමනා නෑ. අපි මේ අවුරුදෙන් පස්සේ එන අවුරුද්දේ අපි මීට වඩා හොඳ තත්ත්වයක ඉන්නවා ඒ වගේම මම බලන්නේ ඊළඟ අවුරුදු දෙක තුළදී අපි සියලුදෙනා එකතුවෙලා මේ රට ගොඩගන්න."