ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනතාවගෙන් ප්‍රවෘත්ති හංගපු හැටි ආරක්ෂක ලේකම් කියයි
ජාතික ආරක්ෂාවට සම්බන්ධ ආයතන සහ පුද්ගලයන් ජනමාධ්‍යවේදීන් සමඟ සමීපව කටයුතු කළ යුතු බවත්, ඒ තුළින් රට අපකීර්තියට පත්වන පුවත් ජාත්‍යන්තරයට යෑම වළක්වාගත හැකි බවත් ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
මාධ්‍යවේදීන් සමඟ සමීපව ක්‍රියා කිරීමෙන් රටේ කීර්තිනාමයට හානිකර ඇතැම් පුවත් පළ වීම වළක්වාගත හැකි බවත්, එවැනි දේ තමන් කර ඇති බවත් ඔහු කියා සිටියේය.
විශේෂයෙන් හමුදාව සහ පොලීසිය මාධ්‍යවේදීන්ගේ විශ්වාසය දිනාගත් යුතු බවත් ඔහු පවසයි.
ජාතික ආරක්ෂාව, නීතිය සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (අගෝස්තු 19) පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ අදහස් පළ කළේය.