ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අරගලකරුවන් අත්පත් කරගත් මන්දිර දැකබලා ගන්න ජන ගඟක්
කොළඹට පැමිණි දහස් ගණනක් වූ ජනතාව කඳුළු ගෑස්, අධිපීඩක ජල ප්‍රහාර හා මාර්ග බාදක බිඳ දමමින් ඊයේ (ජූලි 09) කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයටත්, ජනාධිපති ලේකම් කාර්යාලයටත්, පසුව අරලිය ගහ මන්දිරය වෙතත් ඇතුලුවිය.
එහිදී ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලිය ගහ මන්දිරයට ඇතුලු වූ විරෝධතාකරුවන් එහි වූ නාන තටාක, විසිත්ත කාමර, නිදන කාමර, භෝජනාගාර, කාය වර්ධන මධ්‍යස්ථාන ඇතුලු සියලු තැන් නරඹමින් රිසි සේ විනෝද වන අයුරු දක්නට ලැබුණි.
අද උදෑසන වන විට මෙම පොදු දේපල රැක ගනිමින් හා ඒ වෙත හානි නොකරමින් ඒවා සිත් සේ නරඹන ලෙස එහි පැමිණෙන ජනතාව වෙත දැන්වීම් පුවරු අරගලකරුවන් විසින් ප්‍රදර්ශනය කර තිබිණි.