''පොලීසියට යට ඇඳුම හැර අනෙක් සේරම දෙන්නේ අපේ මිනිස්සු. නීතිය අවනීතිය කරන්න එපා.''

වීඩියෝ ශීර්ෂ වැකිය, ''පොලීසියට යට ඇඳුම හැර අනෙක් සේරම දෙන්නේ අපේ මිනිස්සු. නීතිය අවනීතිය කරන්න එපා.''

ගාලු කොටු පවුර මතට ගමන් කිරීම තහනම් කිරීමට පොලීසිය ක්‍රියා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බැවින් පොලීසියට දැඩි අප්‍රසාදය පළ කරන බව ගාල්ලේ නීතිඥයෝ පවසති.

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය අතරතුර කොටු පවුර මත 'GO HOME GOTA-RANIL' යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කළ පිරිසක් පළවා හැරීමට හමුදාව සහ පොලීසිය ජුනි 30 වැනිදා ක්‍රියා කර තිබුණි.

එම පසුබිම මත නීතිඥයින් අද ගාලු කොටු පවුර මතට ගමන් කිරීමට උත්සහ කළ අතර ජාතික ආරක්ෂාවට අදාළ විමර්ශනයක් සිදු කරන බැවින් ඊට ඉඩ ලබා නොදෙන බව පොලීසිය පවසන ලදී.

තමන් නිරායුදව ගොස් කොටු පවුර මත සිට ක්‍රිකට් තරඟය නැරඹීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි නීතිඥයෝ ප්‍රශ්න කළහ. එහෙත් පොලීසිය ගන්නා ක්‍රියාමාර්ගවල නීතිමය පදනම පැහැදිලි කළේ නැත.

මේ අතර ගාලුකොටුවේ විරෝධතාවයේ නිරත වූ පිරිස් වෙත කඩා වැඳී යුද හමුදා සෙබළුන් පිරිසක් විරෝධතා පුවරු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (ජූලි 1 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.