ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලිංගික ශ්‍රමිකයෝ ; ''ගණිකාව කියලා අවමන් කරලා දඩ ගහනවා, ඒත් අපේ සල්ලි විතරක් වටින්නේ කොහොමද ?''
පොලීසිය වැටලීම් කරන විට ලිංගික ශ්‍රමිකයන් ලෙස ක්‍රියා කරන කාන්තාවන් පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම ගැන එම සේවාවේ නිරත කාන්තාවෝ අප්‍රසාදය පළ කරති.
''අයාල පනතින් කාන්තාව විතරයි උසාවි දාන්නෙ. ගෑණි තමයි මේක කරන්නේ කියන එක. ඇයි පිරිමි එන්නේ කියන එක බලන්නේ නෑ.'' යනුවෙන් බීබීසීයට අදහස් දැක්වූ ලිංගික ශ්‍රමික සේවයේ නියුතු කාන්තාවක පැවසුවාය.
''ගණිකාව කියලා අවමන් කරලා අපිට වටිනාකමක් නොදුන්නාට අපි ඒ වෘත්තියෙන් හොයන සල්ලි විතරක් දඩ ලෙස අය කරගන්නකොට රජයට ඒවා වටින්නේ කොහොමද?'' යනුවෙන් ප්‍රශ්න කරන ඇය ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවත් ඒ සඳහා යොමුවන අය වෙනුවෙන් උපදේශන සේවයක් තිබිය යුතු බවත් පැවසුවාය.