ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තරුණයන්ගේ සහ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහයෙන් රට ගොඩගන්නා සැලැස්මක් රනිල් කියයි
ආණ්ඩුවේ විෂයන් බෙදා ඒවා අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ කාරක සභා 10ක් සහ මුල්‍ය කාරක සභා පහක් පත්කර ඒවායේ සභාපති ධූර පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලබා දීමට සහ එම කාරක සභා 15ට තරුණ නියෝජිතයන් සිවුදෙනෙකු නම් කිරීමට යෝජනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ඒ තුළින් තරුණයන්ට රටේ ප්‍රශ්න දැන ගැනීමට මෙන්ම ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීමට හැකිවන බව ද අග්‍රාමාත්‍යවරයා අද (මැයි 29) රටේ පවතින අර්බුදවලට විසඳුම් ලබා දෙන ආකාරය ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
රටේ ප්‍රතිපත්ති, කැබිනට් මණ්ඩලයේ තීරණ සහ පාර්ලිමේන්තුවේ ප්‍රතිසංවිධාන ගැන කතා කිරීමට කතානායක, අගමැති, විපක්ෂ නායක සහ ප්‍රධාන පක්ෂ නායකයින්ගෙන් යුත් ජාතික සභාවක් පත්කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දුන්නේය.
21වැනි ව්‍යවස්ථා සංශෝධනය, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සහ පාර්ලිමේන්තුවේ බලතල වැඩි කිරීමට අදාල යෝජනා ගැන අගමැතිවරයා මෙහිදී අදහස් පළ කළේය.