රාජපක්ෂවරුන්ගේ මැදමුලන නිවසට සහ මවුපියන්ගේ ස්මාරකවලට ප්‍රහාරයක්

රාජපක්ෂ පවුලට අයත් වීරකැටිය, මැදමුලන වලවුවට, මවුපියන්ගේ ස්මාරකවලට සහ කෞතුකාගාරයට අද (මැයි 09) කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් ප්‍රහාරයක් එල්ල කළහ.

පහරදී විනාශ කෙරුණු රාජපක්ෂවරුන්ගේ මවිපියන්ගේ ස්මාරක සහ කෞතුකාගාරය ගැන පසුගිය කාලය තුළ වැඩි සමාජ අවධානයක් යොමු වුයේ ඒවා මහජන මුදල් අවභාවිත කරමින් ඒවා ඉදිකර ඇති බවට චෝදනා එල්ලවීම නිසාවෙනි.

මේ අතර කලහකාරී ලෙස හැසිරුණු පිරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රභලයන්ගේ නිවාස රැසකට හානිකර තිබේ.

එමෙන්ම මහින්ද රාජපක්ෂට සහය පළ කරමින් කොළඹට පැමිණ 'ගෝටා ගෝ ගම' සහ ',මයිනා ගෝ ගම' සිටි පිරිසට පහරදුන් පුද්ගලයන් සහ ඔවුන් පැමිණි වාහන බෙරේ වැවට දමා තිබුණි.