''#GOTAGOHOME'' ; ''ඉඳ ගත්තොත් තැලෙයි මොළේ...සර් තමයි හොඳට කළේ''
අද ක්‍රියාත්මක හර්තාලය නිසා බොහෝ ප්‍රදේශවල කළු කොඩි ඔසවා ඇති අතර වෙළඳසැල්, බැංකු , පාසල් සහ රාජ්‍ය ආයතන වසා ඇති අයුරු දැකිය හැකියි.
දුම්රිය සහ පෞද්ගලික බස් රථ ධාවනය ද නතර කර තිබේ.
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉවත් විය යුතු බව සහ රටේ පවතින අර්බුදයට පාර්ලිමේන්තුව හරහා වහා විසඳුම් ලබා දියයුතු බව පවසමින් බොහෝ නගරවල උද්ඝෝෂණ සංවිධානය කර ඇත.



