ජන අරගලය ; අන්තරේ සිසුන්ට අදත් පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

''ආණ්ඩුව පන්නමු. ක්‍රමය පෙරළමු'' යන තේමාව මුල් කරගෙන අන්තර් විශ්වවිද්‍යාල සිසුන් සංවිධානය කළ විරෝධතාවයක් විසුරුවා හැරිමට පොලිසිය අද (මැයි 05) කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල සිට පා ගමනින් පැමිණි සරසවි සිසූහු පොල්දූව මංසන්ධියදෙසින් පාර්ලිමේන්තු වටරවුම අසලට පැමිණියහ.

ඔවුන් පළමු මාර්ග බාධකය බිඳ දමමින් ඉදිරියට යෑමට උත්සහ කිරීමත් සමග පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.