ඉන්ධන හිඟය ; වර්ජනය අත්හැරියද ඉන්ධන බෙදා හැරීම ප්‍රමාද වෙන බව බවුසර් හිමියෝ කියති
අද (මැයි 02) පස්වරුවේ වර්ජනය අත්හැරිමට තීරණය කළ ද ඉන්ධන බෙදා හරිම තවදුරටත් ප්‍රමාද වෙන බව පෞද්ගලික බවුසර් රථ හිමියෝ කියති.
ඇතිකරගත් එකඟතාවය හෙට දිනයේදී ලිඛිතව ලබා දෙන තෙක් යළි ප්‍රවාහන කටයුතු ආරම්භ නොකරන බව පෞද්ගලික බවුසර් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රචාරක ලේකම් අනූපම ප්‍රදීප් බීබීසී සිංහල සේවයට පැවසුවේය.
රජය සතු ඉන්ධන බවුසර් 80ක් පමණ ද පෞද්ගලික බවුසර් 150ක් පමණ ද යොදා ගෙන දෛනිකව ඉන්ධන බෙදා හැරීම සිදු කෙරේ. මීට අමතරව ඉන්ධන පිරවුම්හල් සතු බවුසර් සහ දුම්රිය ඉන්ධන ප්‍රවාහනය සඳහා යොදා ගැනේ.