ආර්ථික අර්බුදය: 'මට, මගේ පුතාගේ ජීවිතේ ගැන බයයි'

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ රජයේ රෝහල්හි ඖෂධ සහ අත්‍යවශ්‍ය සැපයුම් තොග අවසන් වෙමින් පවතින බව රට පුරා සිටින වෛද්‍යවරු පවසති.

විදෙස් සංචිත පහළ යාමත් සමග තවදුරටත් රටට අවශ්‍ය ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් රට තුල උද්ගතව ඇත.

අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් කරන ලද වවුනියාවේ වෙසෙන අට හැවිරිදි දරුවෙකුගේ දෙමව්පියන් බීබීසිය වෙත කියා සිටියේ පවතින ඖෂධ හිඟය හමුවේ සිය පුතුගේ ජීවිතය පිළිබඳ තමන් බියට පත්ව සිටින බවය.

ඖෂධ හිඟය සහ අත්‍යවශ්‍ය සැපයුම් හිඟයට විසඳුම් සොයන අතරේ ඒ සඳහා අසල්වැසි ඉන්දියාවෙන් සහ ලොව සෙසු පරිත්‍යාගශීලීන්ගේ උපකාර ලබා ගනිමින් සිටින බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.