ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''#GOHOMEGOTA'' : රඹුක්කන වෙඩි තැබීමේ නඩුව නිරීක්ෂණයට ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කරයි
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ අධිකරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වෙන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
මෙහිදී පොලීසිය ක්‍රියා කළ ආකාරය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්ව තිබේ.
මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවට පොලිසියේ සම්බන්ධයක් ඇති බවට පෙන්වන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
කෙසේවෙතත් පොලිස්පතිවරයා පවසන්නේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිස ඉවත් කිරීම සඳහා පොලීසිය අවම බලය භාවිත කළ බවයි.
රඹුක්කනදී අප්‍රේල් 19 පොලීසිය හා විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් පසු එක් අයෙකු මිය ගිය අතර 28 දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුල්;ඇතුළත් කරන ලදී.
ඉන් 15 දෙනෙකු පොලිස් නිලධාරීන් වේ.