''#GOHOMEGOTA'' ; රට ගොඩගත හැකි වැඩපිලිවලක් ගැන පාඨලී බීබීසීයට කියයි
රටට ආදරය කරන අවංක වෘත්තීයවේදීන්ගේ සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ලැබේ නම් රට ගොඩගත හැකි වැඩපිලිවලකට නායකත්වය ලබා දීමට තමන් සුදානම් බව 43 සේනාංකයේ නායක පාඨලී චම්පික බීබිසියට පැවසීය.
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සුදුසු නොවන අතර නව ආණ්ඩුවක් බලය ලබා ගත්ත ද ජූලි 25 වැනි දින ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවීමට සිදුවන බැවින් මේ තත්ත්වයට මුහුණදීම සඳහා ජාත්‍යන්තරයේ සහය මත ක්‍රියාත්මක කළ යුතු වැඩපිලිවලක් ඔහු යෝජනා කළේය.
එම වැඩපිළිවල ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පක්ෂවල සහය ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් කර පවුල් පාලනයෙන් තොරව රට ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුව සතු බලතල අනුව ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවත් ඔහු බීබීසීය සමග පැවති සංවාදයකදී කියා සිටියේය.
මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අප්‍රේල් 12දා පැවසුවේ ශ්‍රී ලංකාව විදේශ ණය වාරික හා පොලී ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවා සාකච්ඡා මාර්ගයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වන බවයි.
