ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ප්‍රහාරය ; ''ජනාධිපතිතුමාටත් රජයටත් මතක් කරන්න කැමතියි ඔබට මේ වැදිලා තියෙන්නේ මිනිස්සුන්ගේ ලේවල සාපය.''
කුමන්ත්‍රණකරුවන්ට බලය අල්ලාගත හැකි නමුත් එය රැකගත නොහැකි අතර පාස්කු කුමන්ත්‍රණය සැඟවීමේ සාපයට අද මුහුණ දීමට සිදුවී ඇති බවට ජනාධිපතිවරයාට සහ රජයට සිහිපත් කළ යුතුව ඇතැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කරති.
මීගමුව නගරයේ අද (අප්‍රේල් 09) වැනිදා පැවති විරෝධතාවයකට එක් වෙමින් උන්වහන්සේ මේ අදහස් පළ කළහ.
''ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා මිනිස්සු කොටවලා බලය අල්ල ගත්තට වැඩක් නෑ. බලය හරියට පාවිච්චි කරන්න ඒ අය දන්නේ නෑ. ඒ නිසා වෙන්නට ඇති අද මේ රට කොයි ආකාරයකටවත් ඉදිරියට ගෙනියන්න බැරි ව්‍යාකූල තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මුස්ලිම් මිනිස්සුන්ට විතරක් වරද පටවලා ඒක පිටිපස්සේ හිටපු අනික් බලවේග සියල්ල හංගන්න කටයුතු කරලා තියෙනවා. ඒකට වැදිච්ච සැපයක් තමයි අද මේ උදා වෙලා තියෙන්නේ.''