යුක්රේන සරණාගතයන්ව කරුණාවෙන් පිළිගත් අවස්ථා පහක්

වීඩියෝ ශීර්ෂ වැකිය, යුක්රේන සරණාගතයන්ව කරුණාවෙන් පිළිගත් අවස්ථා පහක්

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භයේ සිට මිලියන 2.5 කට වැඩි පිරිසක් පලා ගොස් ඇත.

දෙවන ලෝක යුද්ධයෙන් පසු වේගයෙන්ම වර්ධනය වන සරණාගත අර්බුදය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය එය හඳුන්වනු ලබයි.

පෝලන්තයේ, රුමේනියාවේ සහ ජර්මනියේ දේශසීමාවලදී සරණාගතයින්ව කාරුණිකව පිළිගත් අයුරු දැක්වෙන දර්ශන ලැබී තිබේ. මේ එම අවස්ථා කිහිපයක් පමණි.