සංචාරක ව්‍යාපාරය ; උඩරට දුම්රිය මාර්ගයේ යන සංචාරකයන්ට නව අත්දැකීමක්
උඩරට දුම්රිය මාර්ගයේ විශේෂ ස්ථාන අසළ නතර කරන නව දුම්රියේ ගමන් කිරීමට බොහෝ සංචාරකයන් ප්‍රිය කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දිනපතා පෙරවරු හතට මහනුවරින් ගමන් ආරම්භ කරන මේ දුම්රිය දෙමෝදර දක්වා ගමන් කරයි.
එහිදී සංචාරකයන්ට සිරි නැරඹීමට සහ ඡායාරූප ලබා ගැනීම සඳහා එම දුම්රිය හෝස්ටේල් දිය ඇල්ල, ශ්‍රී පාද කන්ද, සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල, එල්ජින් දිය ඇල්ල, සමිට් ලෙවල් (උඩරට දුම්රිය මාර්ගයේ උසින් ඉහලම ස්ථානය), 18 වන බිංගෙය (ලංකාවේ දිගම සහ අඳුරුතම දුම්රිය බිංගෙය), සුළං කපොල්ල ( ඉදල්ගස්හින්න සහ හපුතලේ අතර), කිතල් ඇල්ල සහ දොමෝදර ආරුක්කු නවයේ පාලම දර්ශනය වන ස්ථානවල විනාඩි 2 ත් 15ත් අතර කාලයකට නවත්වනු ඇත.