ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ අතරමන් වූ යුක්රේන සංචාරකයන්ගේ ඉල්ලීම්
ශ්‍රී ලංකාවේ තාවකාලික රැකියාවක් කිරීමට අවස්ථාව සලසා දීමට හෝ ජීවත්වීම සඳහා කිසියම් සහනයක් ලබා දීමට පියවර ගන්නැයි අතරමංවී සිටින යුක්‍රේන ජාතිකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ඔවුන් බීබීසීයට පැවසුවේ ජීවත්වීමට ප්‍රමාණවත් මුදල් නොමැතිකම නිසා කුඩා දරුවන් සමග ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන බවයි.
ශ්‍රී ලංකාවේ රැඳී සිටින යුක්‍රේන සංචාරකයෝ බොහෝ දෙනෙකු කණ්ඩායම් වශයෙන් ඒකරාශී වී සහන පදනම මත ලබා දෙන නිවාසවල ජීවත් වෙති.
ඔවුන්ගේ වීසා කාලය දීරිඝ කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ.