ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලිංගික ජාවාරම: රුමේනියාවේ දරුවන් ගණිකා වෘත්තිය සඳහා හැඩගස්වා එක්සත් රාජධානියට යවයි
රුමේනියාවේ විසූ වයස අවුරුදු 10ක් තරම් ළාබාල දරුවන් එක්සත් රාජධානියට ප්‍රවාහනය කර, ඔවුන් ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා බලහත්කාරයෙන් හැඩගස්වන බව බීබීසීය කළ විමර්ශනයකින් හෙළිව තිබේ.
එක්සත් රාජධානියේ පොලිසිය බීබීසීයට පවසා ඇත්තේ ලිංගික ජාවාරම් දැන් ඉතා බහුල වී ඇති බවත්, ඔවුන් ජාවාරම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට අරගල කරන බවත් ය. මෙම වාර්තාවේ සඳහන් ඇතැම් නම්ගම් වින්දිතයන්ගේ ආරක්ෂාව සඳහා වෙනස්කර ඇත.