ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ශ්‍රී පාදය කරුණා කිරීම
ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පොහොය දක්වා පැවැත්වෙන අතර මේ වන විට බැතිමත්හු පැමිණෙමින් සිටිති. රටේ පවතින කොවිඩ් 19 තත්ත්වය තුළ වන්දනාකරුවන් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කර තිබේ.
ඇඩම්ස් පීක්ලෙස ඉංග්‍රීසියෙන් හදුන්වන සිරිපාදය බෞද්ධ සැදැහැවතුන්ගේ පමණක් නොව හින්දු හා ඉස්ලාම් බැතිමතුන්ගේද පුදබිමකි.
ඒ මුස්ලිම් බැතිමතුන් තම දෙවියන් විසින් මෙලොවට මැවූ පළමු පුද්ගලයා වන ආදම්ගේ පාදයේ සටහන එහි ඇති බවට විශවාස කරන අතර හින්දු බැතිමතුන් ශිව දෙවියන්ගේ පාදයේ සටහන එහි ඇති බවට විශවාස කරයි.
ඊට අමතරව ශ්‍රී පාදය පරිසර විද්‍යාත්මක වටිනාකම් රැසකින් සමන්විත වේ.