ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ් 19 : ‘ඔමික්‍රොන්’ රැල්ලට පෙර ශ්‍රී ලංකාවේ දියවැඩියාව රෝගීන්නට විශේෂ අනතුරු ඇඟවීමක්
රට දැන් පවතින්නේ සිංහල අවුරුද්දට පෙර පැවති තත්ත්වය මෙන් අනතුරුදායක තත්ත්වයක බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
'ඔමික්‍රොන්' ප්‍රභේදය සමග යළි කොරෝනා රැල්ලක් ඇති වුවහොත් ඉන් වැඩි බලපෑමක් දියවැඩියාව රෝගීන්ට ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක අද (දෙසැම්බර් 02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
මේ අතර අවුරුදු 60ට වැඩි සියලු දෙනා රජය මගින් ලබා දෙන ෆයිසර් 'බූස්ටර්' එන්නත ලබා ගන්නා ලෙසත්, මිත්‍යා මතවල නොසිට අනෙක් ජනතාව තමන්ට නියමිත එන්නත ලබා ගන්නා ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මෙහිදී ඉල්ලීමක් කළාය.