ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන්තා හිංසනය: ජනපති කාන්තා අයිතිවාසිකම් සුරැකීම ගැන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විමසයි
බිරිඳටවත් ඉඳගන්න හරි පුටුවක්වත් දෙන්න බැරි ජනාධිපතිතුමා කොහොමද රටේ කාන්තාවන්ගේ සමානාත්මතාව ආරක්ෂා කරන්නේ? යනුවෙන් සමගි ජන බලවේගයේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අද (නොවැම්බර් 26) විමසා සිටියාය.
කාන්තා හිංසනයට එරෙහිව සහ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සමාජයේ අවදානය යොමු කිරීමට සංවිධානය කර තිබූ දැනුවත් කිරීමේ වැඩසටහනේදී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මේ පිළිබඳව අදහස් පළ කළා ය.