ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රටේ වගකීම භාර ගැනීමට සුදානම් බව සජිත් ප්‍රේමදාස කියයි
රටේ වගකීම භාරගන්න සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (නොවැම්බර් 16) කොළඹ දී පැවසුවේය.
ආණ්ඩුවට එරෙහිව කොළඹදී පැවැත්වූ විරෝධතාවයට එක්වෙමින් විපක්ෂ නායකවරයා වැඩිදුරත් පැවසුවේ කොවිඩ් වැලැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට මුව වී රජය විපක්ෂය මර්දනය කිරීමට උත්සාහ කරන බවයි.
මෙම විරෝධතාවයට ජනතාව සහභාගී වීම වැලැක්වීම සඳහා පොලීසිය ප්‍රදේශ රැසක දී ක්‍රියා කර තිබුණි.
රටේ පවතින තත්ත්වය හමුවේ ජනයා ඒකරාශී කිරීම සුදුසු නොවන අතර එය නීති විරෝධී බව ද රජයේ කොටස්කරුවෝ අවධාරණය කරති.