කොවිඩ් 19 : සංගීත භාණ්ඩ නොදුටු රිදීමාලියද්දේ ගැහැණු දරුවන්ගෙන් සංගීත කණ්ඩායමක්
කොවිඩ් 19 නිසා පාසල් වසා දමා තිබූ කාලය තුළ මානසික සුවය සඳහා සංගීත කණ්ඩායමක් ගොඩනගාගත් දියණියන් නවදෙනෙකු ගැන බදුල්ල, රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ආඳාඋල්පත, පහළ බටුයාය ගම්මානයෙන් අපට අසන්නට ලැබුණි.
ඔවුන් බීබීසී සිංහල සේවයට පැවසුවේ තමන් ශ්‍රී ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක ජීවත් වුව ද ආකල්පවලින් ඉතා පොහොසත් බවයි.
ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන මෙම දැරියන් වෙනත් අයගෙන් සංගීත භාණ්ඩ ඉල්ලා ගෙන පුහුණුවීම් සිදුකරනු ලැබේ.
ආඳාඋල්පත 'ස්වරංගනී' නැමති මෙම කණ්ඩායමේ එක් දියණියක් හැර අන් සියලු දෙනා පාසලේදී නැටුම් විෂය හැදෑරීම ද විශේෂත්වයකි.
