ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ් අපේ මතකයට කොපමණ කාලයක් හානි කරයිද යන අභිරහස
රොෂෙල් ඩේවිඩ්, දීර්ඝ කාලීන කොවිඩ් හේතුවෙන් මතකය අහිමි වීම වැනි අතුරු බලපෑම්වලට ලක් වූ මිලියන ගණනක් රෝගීන්ගෙන් එක් අයෙකි. කොවිඩ් ආසාදනය වී මාස 10 ගතව ඇතත් යමක් මතක තබා ගැනීම අපහසු කටයුත්තක් වී ඇති බව වෛද්‍යවරියක වන ඇය පවසයි.
අධික තෙහෙට්ටුව දීර්ඝ කාලීන කොවිඩ් හි ප්‍රධාන රෝග ලක්ෂණය වේ. හිසරදය, කොණ්ඩය යෑම, අවධානය ගිලිහීම, ගඳ සුවඳ නොදැනීම සෙසු රෝග ලක්ෂණ අතර වෙයි.