ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විදේශගතවීමට ගමන් බලපත්‍ර ලබා ගන්න පැමිණෙන අයට පණිවුඩයක්
එක්දින සේවාව සහ සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමට පෙර දිනයක් සහ වෙලාවක් වෙන්කර ගන්නා ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ කැමති දිනයක් සහ වෙලාවක් ලබාගත හැකි බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද බීබීසී සිංහල සේවයට පැවසීය.
මේ දිනවල ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බවත් ඔහු පැවසීය.