ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"අපි ඕනෑවට වැඩිය ණය ගත්තා"- යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න
"අපේ කාලයෙත් ණය ගත්තා. අපි ඕනෑවට වැඩිය ණය ගත්තා. ඒකට හේතුව තමයි අපි දන්නවා මැතිවරණ දෙකක් එනවා කියලා. ඒ කාලය තුළ වෙළෙඳපොලට යන්න බැරි වෙනවා. එහෙම හිතලා ගත්ත ණය නිසා තමයි අද මේ තියෙන ණය ගෙවන්න පුළුවන් වෙලා තියෙන්නේ," පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.
ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා ඇති ඉරාන් වික්‍රමරත්න, යහපාලන රජයේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයාය. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු ශ්‍රී ලංකාවේ බැංකු කීපයක ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද තවත් ආයතන කීපයක සභාපතිවරයා ලෙස ද ක්‍රියා කර ඇත. 2019 වසරේ දී කෙටි කලක් ඔහු ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ද ක්‍රියා කර තිබේ.