ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කුවේට්හි අතරමංවුණු ශ්‍රී ලාංකිකයෝ: කොවිඩ් 19 එන්නත් නොලැබීමෙන් 'ජීවිත අනතුරේ'
කොවිඩ් 19 රෝගයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත් ලබා ගැනීමට නොහැකි වීමෙන්, නීති විරෝධී ලෙස කුවේට් හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයෝ ගැටලු රැසකට මුහුණපා සිටිති.
නීති විරෝධිව රැඳී සිටීම නිසා ඔවුන්ට එන්නත් නොලැබේ. එන්නත් නොලැබීම නිසා ඔවුන්ට තාවකාලික රැකියාවක හෝ නිරත වීමට පොදු ස්ථානයකට ගමන් කිරීමට නොහැකි වී ඇත. එමෙන්ම රෝගී වූ අයට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.
එබැවින් වහාම ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ඔවුහු බලධාරිගෙන් ඉල්ලති.
මේ අතර ඔවුන්ට ඇති හොඳම විකල්පය යළිත් පොදු සමා කාලයක් ලැබෙනතුරු බලා නොසිට, තානාපති කාර්යාලයට ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු සළසා ගැනීම බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු අංශය භාර අතිරේක සාමාන්‍යධිකාරී, මංගල රන්දෙනිය බීබීසී සිංහල සේවයට පැවසුවේය.
මෙම තොරතුරු ද දැනගන්න: