මෘත දේහ විරාමයකින් තොරව ආදාහනය කළහොත් පුපුරන බවට අනතුරු ඇඟවීමක් ලැබී ඇතැයි පානදුර නගරාධිපති කියයි
Published
ආදාහනාගාරය සිසිල් වීමට ප්‍රමාණවත් කාලයක් නොතබා මෘත දේහ ආදාහනය කළහොත් පිපිරීම් සිදුවිය හැකි බවට නර්ඩ් ආයතනය අනතුරු අඟවා ඇතැයි පානදුර නගරාධිපති නන්දන ගුණතිලක පවසයි.
පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා 'කන්ටේනර් පෙට්ටියක' මෘත දේහ තාවකාලිකව තැන්පත් කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
කොවිඩ් 19 ආසාදිත නොවන, හඳුනා නොගත් මෘත දේහ 131 ක් පානදුර, කළුබෝවිල, කොළඹ, අයි.ඩී.එච්, කළුතර, රාගම, ගම්පහ සහ වතුපිටිවල රෝහල්වල තැන්පත් කර ඇති බව හෙළි වී තිබේ.
අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කරමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජය ක්‍රියා කරමින් සිටී.