ශ්‍රී ලංකාවේ කොවිඩ්: ඔක්සිජන් මට්ටම අඩුවෙන බව නිවසේදීම හඳුනා ගන්නේ කෙසේද ?
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ඔක්සිජන් මත යැපෙන ප්‍රතිශතය ද ඉහළ යමින් පවතින බව වෛද්‍යවරු පවසති.
රෝහල් තුළ පහසුකම් ප්‍රමාණවත් නොවීමත් සමග රෝගීන් නිවෙස් තුළම රඳවනු ලැබේ. මේ තත්වය තුළ කොවිඩ්-19 උත්සන්න වීමේ මූලික ලක්ෂණ ගැන දැන සිටීම ඉතා වැදගත් වේ. උණ, වියළි කැස්ස හා ස්වසන අපහසුතා ඇතිවීම ගැන විශේෂ අවදානයක් යොමු කළ යුතුව තිබේ.
ස්වසන අපහසුතා හඳුනාගත හැකි සරල ක්‍රම ගැන කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර පැහැදිලි කළේය.
මේ ගැනත් කියවන්න: