ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොළඹ නගරයේ සැරි සරන 'අවසාන භූමිතෙල් කරත්තය' ඇන්ටික් වලට අලෙවි කිරීමේ තීරණයක්
කොළඹ නගරයේ දක්නට ලැබෙන එකම සහ අවසාන භූමිතෙල් කරත්තය තමන් සතු වන අතර එම රැකියාවෙන් සමුගැනීමට තීරණය කළ බව එහි හිමිකරු ඒ. සන්දනා බීබීසී සිංහල සේවයට පැවසුවේය.
ඔහු කරත්තයෙන් කොළඹට භූමිතෙල් බෙදා හැරීම ආරම්භ කර තිබුණේ මීට වසර 53කට පෙරයි.
''අධික වාහන තදබදය සහ දියුණුව නිසා මට තවදුරත් ගොනත් එක්ක කොළඹ ගමන් යන්න බෑ.'' යනුවෙන් සන්දනා පවසයි.
ඒ අනුව කරත්තය 'ඇන්ටික්' වලට අලෙවි කරන බවත් ගොනා වෙනත් පුද්ගලයෙකුට භාර දෙන බවත් ඔහු බීබීසී සිංහල සේවයට කියා සිටියේය.