ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උපතේදී අහිමි වූ දේ ගැන කම්පා නොවී ජාත්‍යන්තරය ජයගත් 'රශ්මි' ගෙන් පණිවුඩයක්
රත්නපුර, ඇහැළියගොඩ ජාතික පාසලේ අධ්‍යාපනය හදාරන රශ්මි නිමේෂා ගුණවර්ධන විශේෂ අවශ්‍යතා සහිත දැරියකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ආසියා සහ පැසිෆික් කලාපය සඳහා ආර්ථික හා සමාජ කොමිසම (The Economic and Social Commission for Asia and the Pacific - ESCAP) 2017 වසරේදී වියට්නාමයේ සංවිධාන කළ ආසියා සහ පැසිෆික් කලාපීය විශේෂ අවශ්‍යතා සහිත තරුණයන්ගේ ගෝලීය තොරතුරු තාක්ෂණ අභියෝගතා තරගාවලියේ විශිෂ්ට තරගකරුට හිමි රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූවාය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය මෙන්ම අ.පො.ස (සා.පෙළ) විභාගය ඉහළින් සමත් වූ රශ්මි ගීත ගායනයට ද දස්කම් දක්වන්නීය. එමෙන්ම ඇය පෞරුෂය සංවර්ධනය කර ගන්නා ආකාරය දේශන පවත්වමින් අන් අය දිරිගන්වන්නීය.
"අපි හැම කෙනෙකුටම කුමක් හෝ හැකියාවක් ලැබෙනවා. ගොඩක් වෙලාවට වෙන්නේ ඒ හැකියාව හඳුනාගන්න බැරි වෙන එක. තමන්ට තියෙන දේවල් වලින් ප්‍රයෝජන අරගෙන අභියෝග ජය ගන්න. එවිට දවසක ඔබට හිනැහෙන්න පුළුවන්," රශ්මි බීබීසී සිංහල සේවයට පැවසුවාය.
නිෂ්පාදනය / කැමරාකරණය / සංස්කරණය:ෂර්ලි උපුල් කුමාර