යල කන්නයට රසායනික පොහොර "ටොන් 10,000ක හිඟයක්"
වගා කටයුතු ආරම්භ කර ඇති යල කන්නය සඳහා රසායනික පොහොර මෙට්‍රික් ටොන් දස දහසක පමණ අඩුවක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
2021 යල කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර තොග රට තුළ පවතින බව පවසමින් රසායනික පොහොර සහ කෘෂි රසායනික ආනයනය සම්පුර්ණයෙන්ම තහනම් කරන බව රජය පසුගියදා නිවේදනය කළේය.
පොහොර සම්පුර්ණයෙන්ම නොලැබීම සහ නියමිත වෙලාවට නොලැබීම යන කරුණු මත වගා බිම් වල් බිහිවී ඇති අතර එය ඉදිරියේදී අස්වැන්න අඩුවීමට හේතු වන බව ගොවීහු පවසති.
මේ අතර හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු සහ කාබනික කෘෂිකර්මය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු වන හේමකුමාර නානායක්කාර බීබීසී සිංහල සේවයට පැවසුවේ නිසි කලට රසායනික පොහොර ගොවියාට නොලැබීම සහ 100% කාබනික වගාව සිදු කිරීමට රජය ගත් තීන්දුව නිසා ඉදිරියේදී ආහාර අර්බුදයක් රට තුළ ඇතිවන බවයි.
මේ තොරතුරු ද කියවන්න: