ඔන්ලයින් අධ්‍යාපනය: දියණියගේ අධ්‍යාපනය වෙනුවෙන් තාත්තා ගත් අවදානම් තීන්දුව

වීඩියෝ ශීර්ෂ වැකිය, ඔන්ලයින් අධ්‍යාපනය : දියණියගේ ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් තාත්තා ගත් අවදානම් තීන්දුව

දියණියගේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා 'අන්තර්ජාල සංඥා' ලබා ගැනීමට සිය ජීවිත අවදානම නොතකා අඩි 150ක් පමණ උස ගසක 'රවුටරයක්' සවිකළ පියෙකු ගැන බදුල්ල, පස්සර වරාදොළ ගම්මානයෙන් අසන්නට ලැබුණි.

''මට ලොකුම ප්‍රශ්නය වුණේ දුවට උගන්නන්නේ කොහොමද කියලා. කොහේවත් සිග්නල් නැති හින්දා අන්තිමට මම තීරණය කළා වත්තේ තියෙන උසම ගහේ මුදුනට නැගල සිග්නල් තියෙනවාද බලන්න. පාරේ යන මිනිස්සු මේ වැඩේ කරන එපා කියලා කෑ ගැහුවා'' යනුවෙන් චන්දික සම්පත් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් පවුල් 200ක් පමණ ජීවත්වන වරාදොළ ගමට ප්‍රමාණවත් අන්තර්ජාල පහසුකම් නොමැතිකම නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී තිබේ.

මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවෝ ද මේ දුෂ්කර ගම්මානයේ ජීවත් වෙති. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට ද නගරයේ දරුවන් මෙන් අධ්‍යාපනය ලැබීම සඳහා ගමට අන්තර්ජාල පහසුකම් ලබා දෙන ලෙසය.

මේ ගැනත් කියවන්න :