ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
X-PRESS PEARL නෞකාවේ අන්තරායකාරී ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 81ක් පැවති බව හෙළිවේ
කොළඹ වරාය ආසන්නයේදී විනාශ වූ නෞකාවේ අන්තරායකාරී ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 81ක් පැවති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහාපති, නීතිඥ දර්ශනී ලහදපුර බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
ගිනි ගැනීම ආරම්භ වන අවස්ථාවේදී එම නෞකාවේ තිබූ කන්ටේනර් සංඛ්‍යාව 1486කි.
එහි ඉන්ධන මෙට්‍රික් ටොන් 300ක් පමණ තිබුණු අතර ඉදිරියේදී තෙල් විසිරීමක් සිදුවිය හැකි බවට අනුමාන කෙරේ. එමගින් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
තවත් තොරතුරු ;