ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නිවසට විෂ සර්පයෙක් පැමිණි විට කළ යුතුදේ කියන 'නයි අල්ලන අක්කයි මල්ලියි'
බොහෝ දෙනා තුළ සර්පයන් ගැන නිසි දැනුමක් නොමැතිවීම, මිත්‍යා විශ්වාස සහ සර්පයන්ට දක්වන අනියත බිය නිසා ශ්‍රී ලංකාවේ නිර්විෂ සතුන් රැසක් දිනපතා ඝාතනයට ලක්වීමෙන් පරිසරයේ සමතුලිතබව බිඳවැටීමට හේතු වී ඇතැයි සර්පයන් පිළිබඳ උනන්දුවක් දක්වන මල්කා සුවන්දි පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසුවාය.
කොළඹ, කොට්ටාවේ පදිංචි ඇය සිය සොහොයුරා සමග එක්ව නිවාස වෙත පැමිණෙන විෂකුරු සතුන් අල්ලා සුදුසු පරිසරයකට නිදහස් කරන්නීය.
ගෙවුණු වසර එකහමාර තුළ නාගයන් පමණක් සීයකට වැඩි සංඛ්‍යාවක් අල්ලා නිදහස් කළ බව ඇය පැවසුවාය.
ඇය සිය සොහොයුරා සමග එක්ව මෙය නොමිලේ කරන සේවාවකි.