ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පොර්ට් සිටි: කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ මුල්‍ය කටයුතු පාර්ලිමේන්තුවට අධික්ෂණය කළ හැකිද ?
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව රාජ්‍ය සංස්ථාවක් දැයි සමගි ජන බලවේගය බ්‍රහස්පතින්දා (මැයි 20) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේය.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ මුල්‍ය කටයුතු පරික්ෂා කිරීමේ අයිතිය තිබේදැයි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මහාචාර්ය ජී.එල් පිරිස්ගෙන් විමසා සිටියේය.
ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ අදාළ ගිණුම් පරික්ෂා කිරීමේ බලය රජයේ විගණකාධිපති සතු වන බැවින් පාර්ලිමේන්තුවේ මහජන මුදල් පිළිබඳ පරිපාලනය එලෙසම පවතින බවය.