ඊශ්‍රායල් - ගාසා ගැටුම්: රොකට් ප්‍රහාර දුටු ශ්‍රී ලාංකිකයන් බීබීසීයට කතා කරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ඊශ්‍රායල් - ගාසා ගැටුම් : රොකට් ප්‍රහාර දුටු ශ්‍රී ලාංකිකයන් බීබීසීයට කතා කරයි

පලස්තීන - ඊශ්‍රායල ගැටුම් නිසා රොකට් ප්‍රහාර එල්ලවන බැවින් අනවශ්‍ය ගමන් නොගොස් ආරක්‍ෂිත ස්ථානවලටම වී සිටින්නැයි ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දුන් බව ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

ශ්‍රී ලාංකිකයන් 6000කට ආසන්න පිරිසක් මේ වනවිට ඊශ්‍රායලයේ සිටිති.

''අපි ඉන්න ගොඩනැගිල්ලටත් ඊයේ උඩු ගුවනේ පුපුරාගිය රොකට් ප්‍රහාරයක කෑලි වැටුණා. දේපළ වලට හානි වුණත් අපිට කරදරයක් නෑ. ඒ වෙලාවේ මම හිටියේ ආරක්‍ෂිත නිවස්නය තුළ.'' යනුවෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වු නලීන් සමන්ත පැවසුවේය.

මෙම ප්‍රහාර දුටු ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙක් සිය අත්දැකීම් විස්තර කළහ.