ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: ශ්‍රී ලංකාවෙන් වාර්තාවන දරුණු නව වෛරස ප්‍රභේදය ගැන මේ තොරතුරු ඔබ දන්නවාද ?
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය මගින් රෝගය පැතිරීම ඉතාමත්ම දරුණු වන අතර තරුණ අයට ද දරුණු රෝග ලක්ෂණ මතුවන බව මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවාය.
එමෙන්ම රෝග ලක්ෂණ මතුවන අයගේ ප්‍රතිශතය ඉහළ යන බව ද සිකුරාදා (අප්‍රේල් 23) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඇය කියා සිටියාය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ දැනට පවතින තත්ත්වය හමුවේ රට 'ලොක් ඩවුන්' කිරීමට හෝ වෙනත් දැඩි පියවරක් ගැනීම සිදු නොකරන බවය.
කෙසේ වෙතත් දීර්ඝ සති අන්තයක් එළඹෙන බැවින් හැකිතාක් සංචරණයන් සීමා කර සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ඔබ සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කරන අයෙක්ද ?