කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදීමෙන් ලංකාවට බලපෑමක් විය හැකිද?

- Author, රංග සිරිලාල්
- Role, බීබීසී සිංහල
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් තනිවම සංවර්ධනය කිරීමට ගත් තීරණය ඇතැම් විශේෂඥ මතයට අනුව "සියතින් හිස සිඳගැනීමකි".
වෘත්තීය සමිති 23ක් පසුගිය දිනවල ගෙනගිය විරෝධය හමුවේ, නැගෙනහිර පර්යන්තය (ජැටිය) ඉන්දියානු සමාගමක් හා එක්ව සංවර්ධනය කිරීමේ සිය සැලසුම ශ්‍රී ලංකා රජය විසින් හකුලා ගනු ලැබිණි.
ඉන්දියාව , ජපානය සහ ශ්‍රී ලංකාව හවුල් වූ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා පසුගිය රජය විසින් මූලික අවබෝධතා ගිවිසුම්වලට එළඹෙන ලද අතර එම සැලසුම් ඔස්සේ ඉදිරියට යාමට පවතින රජය ද ක්‍රියා කළත් නැග ආ විරෝධය හමුවේ ගිවිසුම් අවලංගු කර නැගෙනහිර ජැටිය සංවර්ධනය සියයට සියයක් ම වරාය අධිකාරිය අතින් ඉටුකිරීමට තීරණය කෙරිණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
රජය දැන් පවසන්නේ බටහිර පර්යන්තය දියුණු කිරීම ඉන්දියානු සමාගමට ලබාදෙන බවය. ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ බටහිර පර්යන්තය විදේශ ආයෝජනයක් සමග සංවර්ධනය කරන්නේ යැයි සඳහන් වන බැවින් එය පෞද්ගලික ආයෝජකයකු සමග සංවර්ධනය කිරීමේ පියවරට තමන්හට විරුද්ධ විය නොහැකි බවට වරාය වෘත්තීය සමිති ද පැවසූහ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
කොළඹ වාරයේ වාණිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශමාල් සුමනරත්න බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ ඇමරිකානු ඩොලර් මිලියන 250ත් 350ත් අතර වියදමකින් නැගෙනහිර ජැටියේ මීටර 1350 ට අවශ්‍ය දොඹකර සවිකර අවශ්‍ය ගැඹුර ලබාගැනීම සඳහා කැණීම් කිරීමට වැයවන අතර එම අවශ්‍ය මුදල් ලංකාව තුළින් ම සොයා ගත හැකි බවය.
නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමෙන් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරිවන අතර රැකියා සැපයීමෙන් රටේ ආර්ථික වර්ධනයට බලපාන බව ද ඔහු කියා සිටියේය.
එහෙත් කොළඹ නැව්ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ බීබීසී සිංහල සේවයට සඳහන් කළ පරිදි නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය තනිවම සංවර්ධය කිරීමට ගත් තීරණය ඥාන්විත ක්‍රියාවක් නොවේ.
"බටහිර පර්යන්තය දෙන්න දැන් කතාකරනවානේ. නැගෙනහිර පර්යන්තයයි බටහිර පර්යන්තයයි දෙකම එක විට සංවර්ධනය වීමට පටන් ගත්තොත් නැගෙනහිර පර්යන්තයට ජාත්‍යන්තර සබඳතා නැති නිසාත් බටහිර ජැටිය සංවර්ධනය කරන සමාගම්වලට ජාත්‍යන්තර සබඳතා පැවතීම උඩ ඔවුන් ජාත්‍යන්තරව ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම් වලට එළැඹීමේ හැකියාවක් තියෙනවා. ඒ අනුව බටහිර ජැටිය හසුරුවන සමාගම්වලට වැඩි වාසි අත්විය හැකියි," යැයි කී රොහාන් මාසකෝරාළ, ඉන්දියාවේ අදානි සමාගම එම් එස් සී නමැති ලෝකයේ විශාලතම නැව් සමාගමක් සමඟ සන්ධානගතවී ඇති බැවින් එහි වාසිය ඔවුනට ලබාගත හැකි බව ද පෙන්වා දුන්නේය.
මෙම පර්යන්ත දෙකම එකවර සංවර්ධනය කිරීම තුළින් කොළඹ වරායේ ඇති ධාරිතාවයේ වැඩිවීමක් දැකගත හැකි වුවත් ඒ හරහා තරගකාරීත්වය ඉහළ යාමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඊට මුහුණ දීමට අපහසු තත්ත්වයක් මතුවිය හැකි බව ද සඳහන් කළේය.
"SLPA එක විශාල ණය ගෙවීමට බැදී සිටිනවා. රුපියල අවප්‍රමාණය වීමත් එක්ක මේක තවත් බරපතල තත්ත්වයකට වැටිලා තියෙනවා. 3000ක් ඉන්න ඕන තැන 10000ක් ඉන්නවා ඒක සභාපති තුමත් කියල තියෙනවා. ඒක අකාර්යක්ෂම තාවයනේ. සභාපති තුමා කියල තියෙනවා 3000කින් මුළු වරායම දුවන්න පුළුවන් කියලා. ඒත් දැන් 10000ක් ඉන්නවා. 10000ක් ඉන්නවා කියන්නේ සේවක අතිරික්තයක් ඉන්නවා කියන එකනේ. අවසාන වශයෙන් රටේ මහජතාව තමයි මේ අකාර්යක්ෂමතාවය නිසා දුක් විඳින්නේ." යැයි ද රොහාන් මාසකෝරාළ පැවසීය.
චීනය විසින් මෙහෙයවනු ලබන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ (CICT) බහාලු මෙහෙයුම් ධාරිතාව මිලියන 3.2 ක් වන අතර කොළඹ වරායේ සියලුම පර්යන්තවල බහාලු මෙහෙයුමේ එකතුව මිලියන 9.2 ක් බව ද ඔහු පෙන්වාදුන්නේය.
"මේ වන විට තියෙන පුරෝකතනයන්ට අනුව, කලාපීය වර්ධනය සමග බලන කළ CICT ත් සමග තවත් පර්යන්ත දෙකක් පිරවීමට ව්‍යාපාර කටයුතු වෙයි කියල හිතන්න අමාරුයි. එහෙම බලනකොට මිල සම්බන්ධයෙන් විශාල සටනක් පවතියි. එහෙම උනහම රජය සතු පර්යන්තයට විශාල බලපෑමක් ඇතිවිය හැකියි," යනුවෙන් මාසකෝරාළ තවදුරත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Rohan Maskorala
"තරඟකරිත්වයේදී අපි දන්නවා කොහොමද රජයේ සමාගම් කටයුතු කරන්නේ කියලා. මෙය තමයි ලෝක ස්වභාවය එකයි ලෝකයේ වරායවල් වල සියයට 80ක් ම පෞද්ගලික අංශය හසුරුවන්නේ. රජයවල් සියයට 20ක පමණයි ආයෝජනය කර තිබෙන්නේ. ඔවුන් බදුවලින් හා අනෙකුත් සේවාවන් සපයා තමයි මුදල් උපයන්නේ."
"බටහිර පර්යන්තය ගොඩනැගීමට කල් ගතවුවහොත් මූලිකව නැගෙනහිර පර්යන්තයට ව්‍යාපාර කළ හැකිවුවත් ඔවුනට කෙසේ වෙතත් CICT එකත් සමඟ දැඩි තරගකාරිත්වයක් දිය යුතු වෙනවා." යැයි රොහාන් මාසකෝරාළ කියාසිටියේ CICT ලොව පුරා සම්බන්ධතා තිබෙන ආයතනයක් වීම හේතුවෙන් ඔවුනට වැඩි වාසි අත්වන බව ද පෙන්වා දෙමිනි.
"මෙය සුළු පිරිසකගේ පෞද්ගලික වාසි සදහා තමා විසින් ම තම හිස සිඳගැනීමක් ලෙසයි මම දකින්නේ."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3


1995දි ලොව විශාල නැව් සමාගමක් වන මර්ස්ක් (Maersk) සමාගම ශ්‍රී ලංකාවේ පර්යන්තයක් සඳහා ආයෝජනයකට කැමැත්ත පළකළ විට එවක එය රටේ ප්‍රතිපත්තිය නොවූ හෙයින් ඊට රජය අකමැති වීම නිසා එම සමාගම වෙනත් රටවල ආයෝජන අවස්ථා සෙවීම තුළ එම අවස්ථාව ලංකාවට හිමිවී ගියා පමණක් නොව අනවශ්‍ය තරඟකාරිත්වයක් ගොඩනැගුනු බව ද රොහාන් මාසකෝරාළ කියා සිටියේය.
"ඒ ආපු යෝජනාව තීරණය නොකර ඔලුවිල් වල ජාත්‍යන්තර වාරයක් හදන්න කතා කර කර කල් මරපු නිසා ඔවුන්ට ඕමානයෙන් ආරාධනා ආවා ඕමානයේ වාරයක් සංවර්ධනය කරන්න ඒ අනුව ඕමාන රජය මර්ස්ක් සමගම හා තවත් සමාගම් තුනක් එකතු වී සලාලා කියන වරාය හැදුවා."
"එකෙන් පස්සේ ඉන්දියාවේ බටහිර කොටසේ ,පහළ කොටසේ බහලුම් අපිට එන එක අඩුවෙලා ඒවා අදටත් යන්නේ සලාලා වලට. දැන් ඇත්තටම අපිට ඒ ඉන්දියාවේ බටහිර බහාලුම් වලින් එන්නේ සියයට විස්සකටත් අඩු ප්‍රමාණයක් තමයි. අපි උපත දුන්නා සලාලා වලට. ඇත්තටම සිංගප්පුරුවටත් උපත දුන්නේ අපි තමයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ප්‍රශ්නයත් එක්ක අපි තමයි සිංගප්පූරුවටත් උපත දුන්නේ."
නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ඉන්දියාව හා ජපානය සමඟ එළැඹි ගිවිසුමෙන් ඉවත්වීම ආර්ථික මෙන්ම භූ දේශපාලනමය වශයෙන් ලංකාවට අවාසි සහගත බවට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඇතැම් විශ්ලේෂකයෝ පවසති.
ඔවුන් පවසන්නේ එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවේ මානවහිමිකම් කඩවීම පිළිබඳව නැවතත් අලුතින් සාකච්ඡාවක් ආරම්භ වී ඇති අතරේ ආර්ථිකමය වශයෙන් මෙන්ම ගෝලීය කොරෝනා අර්බුදය හමුවේ රටේ ආර්ථිකය ඉතාමත් බැරෑරුම් මට්ටමක ඇති මෙවැනි අවස්ථාවක ඉන්දියාව වැනි මිතුරැ රටක් විරසක කරගැනීම භූ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවට සෘණාත්මකව බලපෑ හැකි බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4
මතුවූ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රතිචාරය වුයේ ශ්‍රී ලංකාව විසින්, පාර්ශවයන් තුන, එනම් ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් ජාත්‍යන්තර ගිවිසුමට අනුව ක්‍රියා කරනු ලබනු ඇතැයි අපේක්ෂා කරන බවය.
2019 වසරේ අත්සන් තැබුණු එම සහයෝගිතා ගිවිසුමට අනුව නැගෙනහිර පර්යන්තයේ 100% ක හිමිකාරිත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
පර්යන්තය තුළ ඇති සියලුම මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව ඒකාබද්ධව හිමිකාරීත්වය දරන මෙහෙයුම් සමාගමක් පිහිටුවීමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකාව එම සමාගමේ 51% ක කොටස් ප්‍රමාණයක හිමිකාරීත්වය දැරීම හා ජපානය සහ ඉන්දියාවට 49% ක කොටස් ප්‍රමාණයක් හිමිවීම ද සැලසුම විය.
නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ජපානය විසින් ඩොලර් මිලියන 500-800 අතර මුදලක් මෘදු ණයක් ලෙස ලබා දීමට නියමිතව තිබිණි. ඒ, 0.1% ක පොලී අනුපාතයක් හා වසර 10 ක සහන කාලයක් සමඟ වසර 40 කින් ගෙවීමේ එකඟතාවකට අනුවය.
එහෙත් පවතින රජය එම ගිවිසුම අවලංගු කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මතුවී ඇති අලුත් තත්ත්වය ඇතැම් ඉන්දියානු ජනමාධ්‍යවේදීන් විසින් විග්‍රහ කරනු ලබන්නේ මෙලෙසිනි:
"උපායමාර්ගිකව වැදගත් පර්යන්ත ව්‍යාපෘතියකින් ඉන්දියාව (සහ ජපානය) ශ්‍රී ලංකාව විසින් බැහැර කර ඇත. නමුත් ඉන්දියානු වෙරළට කිලෝමීටර 50 ක් ඇතින් ප්‍රධාන බලශක්ති ව්‍යාපෘතියක් ඉදිකිරීමට චීන සමාගමකට අවසර දී ඇත. (පකිස්ථානයේ අගමැති) ඉම්රාන් ඛාන් මේ මස අගදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතනු ඇත." යනුවෙන් 'ද හින්දු' පුවත්පතේ විදේශ කතෘ ස්ටැන්ලි ජොනී සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තැබීය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 5
"ඉන්දියාව සහ ජපානය සමඟ ඇතිකරගත් නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ගනුදෙනුවෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව මෑතකදී ගත් තීරණය මේ වසරේදී ඉන්දියාවේ අරමුණුවලට එල්ලවූ එකම අභියෝගය නොවේ. 2019 දී ඇතිකරගත් කොළඹ වරාය පර්යන්ත ගිවිසුම ආපසු හැරවීමට සතියකට පෙර, ශ්‍රී ලංකාව, තමිල්නාඩු වෙරළට කිලෝමීටර 50 ක් පමණ දුරින් පිහිටි යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් වූ දූපත් තුනක බලශක්ති ව්‍යාපෘතියක් ඉදිකිරීමට චීනයට අවසර දුන්නේය" යනුවෙන් 'ද හින්දු' පුවත්පතේ කොළඹ වාර්තාකාරිනී මීරා ශ්‍රී නිවාසන් වාර්තා කර තිබිණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 6
ඉන්දියාව මෙම බලශක්ති ව්‍යාපෘතිය පිළිබඳව මෙතෙක් අදහස් දක්වා නැතත් කොළඹ ආරංචි මාර්ග පැවසුවේ ව්‍යාපෘතියේ ස්ථානය ඉන්දියානු වෙරළ තීරයට ආසන්නවීම හේතුකොටගෙන ඔවුන්ගේ "ඒ පිළිබඳ ඇති දැඩි සැලකිල්ල" රජයට දැනුම්දී ඇති බව යැයි ද ඇය සඳහන් කර තිබිණි.
මතුවූ තත්ත්වයෙන් අනතුරුව ඉන්දීය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එළැඹ ඇති ස්ථාවරයට එරෙහිව විධිමත්ව විරෝධතාවක් දක්වා තිබේ. එබැවින් මෙම සිදුවීම ඉන්දු-ශ්‍රී ලංකා සබඳතාවලට සැලකිය යුතු ලෙස බලපානු ඇති බවටත් මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථිකමය වශෙන් සෘණාත්මක ප්‍රතිඵල ගෙන දෙනු ඇති බවටත් ඇඩ්වොකාටා ආයතනයේ විශ්ලේෂක කැකුල්තොටුවගේ දොන් විමංග බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.
"ආර්ථික වශයෙන් ගත් කළ, වරාය පිළිබඳ ගත් තීරණය ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිවිපාක ගෙන දිය හැකි අතර රට දැනට අත්විඳින ගෙවුම් ශේෂ ගැටලු කෙරෙහි බලපෑමක් ඇති කළ හැකියි. මෙය බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු දෙයක්."
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෑත කාලීනව ඇති වූ මුදල් හුවමාරුව වැදගත් වන්නේ එය කෙටි කාලින හා මධ්‍ය කාලීන ද්‍රවශීලතාවට උපකාරී වන ඇමරිකානු ඩොලර් අවශ්‍යතාවට පිළියමක් වූ බැවිණි.

ඡායාරූප මූලාශ්‍රය, KD Vimanga
"භූදේශපාලනික වශයෙන් ගත් කළ ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතාව ද්විපාර්ශ්වික සබඳතා ඉක්මවා යන්නක්. ශ්‍රී ලංකාව ඉන්දියාවේ උපායමාර්ගික හා කලාපීය අභිලාෂයන් සඳහා අත්‍යවශ්‍ය හවුල්කරුවෙක්. ශ්‍රී ලංකාවට ද එය එසේම යි. එබැවින් ජාතීන් දෙක අතර සහජයෙන්ම අන්තර් රඳා පැවැත්මක් තිබෙනවා,"යනුවන් විමංග පැවසීය.
ඔහු තවදුරත් පැවසුවේ රාජ්‍යතාන්ත්‍රිකව ඉන්දියාව එළිපිට දැඩි තීරණ ගනු ඇතැයි තමන් නොසිතන නමුත් ලංකාවට අවාසි සහගත වන තීරණ හා බලපෑම් එල්ලවීමේ හැකියාවක් ඇති බවය.
"එබැවින් මෙම ගැටලුව විසඳීම සඳහා අව්‍යාජ සහයෝගීතාව සහ අවබෝධය සඳහා තවමත් ඉඩකඩ තිබෙනවා.කෙසේ වෙතත්, මෙම සිදුවීම් වලින් බලපෑමට පත්ව ඇති ඉන්දු-ශ්‍රී ලංකා සම්බන්ධතාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ කැපවීම හා ගරු කිරීම අත්‍යවශ්‍ය බව නොසලකා හැරිය නොහැකියි."









