සුනාමියට හසුවී දින එකහමාරක් කොටයක් උඩ සිටි අවුරුදු හයේ දරුවා ජීවිතය දිනන අයුරු කියයි
2004 දෙසැම්බර් 26 වැනිදා ඇති වූ සුනාමි රළ පහරට සිය නෑ හිතමිතුරන් සහ වෙනත් භෞතික දෑ උදුරා ගත හැකි වුව ද ආත්ම විශ්වාසය උදුරාගත නොහැකි වූ බව සනාථ කරන දිරිය මිනිස්සු අප අතර සිටිති.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින තිනෙත් ජයසූරිය එවන් ධෛර්යසම්පන්න තරුණයෙකි.
වයස අවුරුදු හයක් වූ දරුවෙකුව සිටියදී සුනාමියට හසුවූ ඔහු හම්බන්තොට මහලේවායේ, කොටයක් මත දින එකහමාරක් පා වෙමින් සිටියදී සොයාගෙන රෝහල්ගතකර තිබුණේ මළ සිරුරු සෙවීමට පැමිණි පිරිසක් විසිනි.
තිනෙත්ගේ එකම සොයුරිය සමග ඥාතීන් පස් දෙනෙකුට සුනාමියෙන් දිවි අහිමි විය.
සුනාමි ඛේදවාචකයෙන් පසු නව පන්නරයක් ලද ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මෙන්ම එම විද්‍යාලයේ විශිෂ්ට සිසුවාට හිමි සම්මානය ද හිමිකර ගත්තේය.
එමෙන්ම තිනෙත් ජයසුරිය ඔරු පැදීමේ ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ රන් පදක්කම් 07ක් සහ රිදී පදක්කම් 04ක් ද තමන් සතු කරගෙන ඇත.
"අවුරුදු හයේදි සුනාමියට හසුවී දවස් එකහමාරක් කොටයක් උඩ සිටිමින් ජීවිතය බේරාගත් මට දැන් කිසිවක් අභියෝග නොවේ,' ඔහු බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය.
මේ ගැනත් දැනගන්න:
නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර

