ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මින්නේරියෙන් ‘පළමු සජීවී නිවුන් අලි පැටවුන්’ හමුවෙයි
ශ්‍රී ලංකාවේ වාර්තාගත පළමු සජීවී නිවුන් අලි පැටවුන් දෙදෙනා මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී මේ දිනවල දක්නට ලැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම පැටවුන්ගේ වයස සති 3-4ත් අතර වන බවට අනුමාන කෙරේ.
වනජීවී නිලධාරීන් සහ පර්යේෂකයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටිය මෙම නිවුන් අලි පැටවුන් ගැන වාර්තා කර ඇත.
එකම කෙනරකගෙන් කිරි උරා බොන, එම කෙනර ඇසුරේම සිටින මෙම පැටවුන් දෙදෙනාගේ නිවුන් බව මූලික පරීක්ෂණවලදී නිරීක්ෂණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ජාන පරීක්ෂණයක්ද සිදු කිරීමට නියමිතය.
2018 වසරේදී මාදුරුඔය අශ්‍රිතව නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු හමු වුවද එම සතුන් උපතේදී මියගොස් තිබිණි.
මෙම තොරතුරුද දැනගන්න: