ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"අතේ සතේ නෑ. උදේට කෑවොත් දවල්ට නෑ" - කුවේට්හි ශ්‍රී ලාංකිකයෝ
පොදු සමා කාලයක් හිමි වුව ද යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වූ දස දහසකට ආසන්න පිරිසක් කුවේට් රාජ්‍යයේ අතරමංව සිටිති.
නීත්‍යනුකුල නොවන අයුරින් කුවේටයේ රැදී සිටි අයගෙන් එරට රජය භාර ගනු ලැබුවේ විසා කාලය ඉක්මවූ, වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් ඇති අය පමණි.
එහෙත් භාරවීම සඳහා පැමිණි බොහෝ දෙනෙකුට ගුවන් ගමන් බලපත්‍රයක් නොතිබූ අතර ඔවුන්ට මෙතෙක් රැදී සිටි ස්ථාන ද අහිමිව ඇත.