ජනාධිපතිවරණය සහ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය: "ඇත්ත" කියන්නේ කවුද?

ගෝඨාභය රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Gotabhaya Rajapaksa/Facebook

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් යළිත් වරක් දැඩි කතාබහක් ඇති වී තිබේ.

ඊට ප්‍රධාන හේතුව වූයේ, පසුගිය දා ඇමෙරිකානු රජය විසින් නිකුත් කරන ලද පුරවැසිභාවය අවලංගු කිරීම් දැක්වෙන තුන් වන කාර්තුවට අයත් ලේඛනයේ ද ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් නොවීමය.

කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂට සහය දක්වන්නන් පවසන්නේ, ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි වී ඇති බවට ලියකියවිලි මගින් සනාථ කළ හැකි බවය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip Facebook post, 1

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 1

මේ අතර, පසුගිය දා මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතිඥ අලි සබ්රි ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් ඇමෙරිකානු පුරවැසියෙකු නොවන බවට තහවුරු කිරීම සඳහා ලේඛන කිහිපයක් ඉදිරිපත් කළේය.

එම ලේඛන සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කිරීම් මතු වූ අතර නීතිඥ අලි සබ්රි නොවැම්බර් 10 වන දා පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ, ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් බවට වන සියලු ලේඛන මැතිවරණ කොමිසමට භාර දී ඇති බවය.

එහෙත්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳුදා (නොවැ: 11) බීබීසී සිංහල සේවය සමග ෆේස්බුක් සජීවී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, "කිසිදු ලියවිල්ලක් අපි නිල වශයෙන් ඉල්ලා සිටලා නැහැ. අඩු ම ගාණේ හැඳුනුම්පතේ ඡායා පිටපතක්වත් අපි ඉල්ලා සිටලා නෑ. අපිට කියන්න තියෙන්නේ කාගෙවත් ඒ කඩදාසි ඉල්ලුවේ නෑ කියන එකයි," යනුවෙනි.

ඔහු මෙසේ ද පැවසීය,

"මැතිවරණ කොමිෂන් සභාවට නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට අදාළ වන හේතු සම්බන්ධයෙන් පමණයි, කමිෂන් සභාව අවධානය යොමු කළේ. ඒක හින්ද පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා ද? කියන කරුණු ගැන කමිෂන් සභාව කිසිදු ලියවිල්ලක් ඉල්ලන්නේවත්, ඒ සම්බන්ධයෙන් අවධානය දැක්වුවේවත් නෑ."

ඔහු ප්‍රකාශ කළේ, ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට අදාළව කිසිදු නුසුදුසුකමක් නොමැති බවට අපේක්ෂකයින්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් පමණක් ලබා ගත් බවය.

"අපි දිවුරුම් ප්‍රකාශයක් ගත්තා කිසිම නුසුදුසුකමකට යටත් වෙලා නෑ කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමට නුසුදුසු නම් ජනාධිපතිවරණයටත් නුසුදුසු වෙනවා. ඒ නුසුදුසුකම්වලට යටත් නොවෙනවද කියන එකට ලියුමක් අරන් තියෙනවා. අපි බලන්නේ නාම යෝජනා පත්‍රයේ මුහුණතින් විද්‍යාමාන වෙන කරුණු පමණයි. ඒවා ගැන යම් විරෝධයක් මතු වුණොත් අපට හොයා බලන්න පුළුවන්."

මේ අතර, මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද මත පළ වී තිබිණි. ඇතැමෙකු ප්‍රකාශ කර තිබුණේ, පුරවැසිභාවය ඉවත් කර ගත් බවට වන ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ බවට නීතිඥ අලි සබ්රි කළ ප්‍රකාශ මහින්ද දේශප්‍රියගේ ප්‍රකාශයෙන් නිෂ්ප්‍රභ වී ඇති බවය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

Skip Facebook post, 2

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 2

ඔවුන් ඉදිරිපත් කර ඇති ලියකියවිලි සම්බන්ධයෙන් ද විවිධ මත ඉදිරිපත් වෙමින් තිබේ.

Skip Facebook post, 3

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 3

කිසිදු ලියකියවිල්ලක් පරීක්ෂා නොකර මැතිවරණ කොමිෂන් සභාවට නාම යෝජනා භාර ගත හැකි දැයි බීබීසී සිංහල සේවය නීතිඥ උපුල් කුමරප්පෙරුමගෙන් කරුණු විමසීය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, "යම් කෙනෙකු අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් විරෝධයක් මතු කරන්නේ නම් එය ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි ඔහු සතුව තිබිය යුතු," බවය.

EC - Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, EC - Sri Lanka

මැතිවරණ කොමිෂන් සභාවේ නාම යෝජනා භාර ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ද ඇතැමුන් ප්‍රශ්න කර තිබේ.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

Skip X post, 4

End of X post, 4

"සහතික බලන්නේ නැතුව රැකියාවකටවත් බවා ගන්නවාද?"

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය නීතිඥ විශාකා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ප්‍රකාශය "කිසිසේත් පිළිගත නොහැකි" බවය.

ආචාර්ය නීතිඥ විශාකා සූරියබණ්ඩාර

ඡායාරූප මූලාශ්‍රය, Shyaman Jayakody

ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය නීතිඥ විශාකා සූරියබණ්ඩාර

"අපිට පාරේ වාහනයක් පදවනකොට රියැදුරු බලපත්‍රය නැත්නම් මොන තරම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා ද? රැකියාවකට කෙනෙක් බඳව ගන්නවා ද සහතික බලන්නේ නැතුව? වීසා නැතුව රටක එක දවසක් ඉන්න පුළුවන් ද? මේ වගේ තත්ත්වයක් තියෙනකොට රටක ජනාධිපති අපේක්ෂකයෙකුගේ මූලික සුදුසුකම් තහවුරු කරන ලියකියවිලි පරීක්ෂා කරල බලන්නේ නෑ කියන එක මොන තරම් විහිළුවක් ද?," ආචාර්ය නීතිඥ විශාකා සූරියබණ්ඩාර පැවසීය.

"මේ වගේ බරපතළ කාරණාවකදී මැතිවරණ කමිෂන් සභාවේ සභාපතිවරයා හරිම සැහැල්ලුවෙන් කියන දේවල්වලින් වැරදි පූර්වාදර්ශයක් නිර්මාණය වෙනවා. මේ අවස්ථාවේ ජනාධිපතිවරණය පිළිබඳ නිසි බලධාරියා ඔහු. ඔහු මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා දිය යුතුයි. ඔහුට බලතල නැත්නම් ඔහු ඒවා පැහැදිලි කළ යුතුයි. ඔහු මේ ලියකියවිලි පරීක්ෂා කරන්නේ නැත්නම් කවුද ඒවා පරීක්ෂා කරන්නේ? අනික් අතට මේ සම්බන්ධයෙන් අදාළ ක්‍රියමාර්ග ගැනීමේදී ආණ්ඩුවත් අසමත්."

මේ අතර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධනය පිළිබද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ, ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අපැහැදිලි තත්ත්වයක් පවතින බවය.

"ඔහුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අපැහැදිලි බවක් තියෙනවා. අපැහැදිලිතාවක් තියෙන එක්කෙනෙක් රටේ ජනාධිපති වෙන්න දඟලන්නේ ඇයි? ඒක ඒ දේශපාලන ව්‍යාපාරයේ සංස්කෘතියේ හැටි. ඒක තර්කවලින් පරාජය කරලා වැඩක් නෑ. ඒ සංස්කෘතිය දේශපාලනිකව පරාජය කරන්න ඕන."

දිවුරුම් ප්‍රකාශය

ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ගෝඨාභය රාජපක්ෂ භාර දුන් දිවුරුම් ප්‍රකාශය බව සදහන් කරමින් නීතිඥ අලි සබ්රි විසින් ගෝඨාභය රාජපක්ෂගේ අත්සන නොමැති දිවුරුම් ප්‍රකාශයක පිටපතක් සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබූ අතර පසුව එය ඉවත් කර අත්සන සහිත පිටපතක් පළ කර තිබිණි. පසුව එය ද ඉවත් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබිණි.

Skip X post, 5
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 5

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය උපුටා දක්වන ඩේලිමිරර් පුවත්පත වාර්තා කර ඇත්තේ, "එක්සත් ජනපද ෆෙඩරල් ලේඛනයේ කෙනෙකුගේ පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීම වාර්තා කිරීමට මාස කිහිපයක් ගත විය හැකි," බවය.

"මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන අපේක්ෂකයාට යුතුකමක් තියෙනවා, පුරවැසියන්ගේ යුතුකම් මතක් කරන්න කලින් සැබෑ තත්ත්වය පැහැදිලි කරන්න," ආචාර්ය නීතිඥ විශාකා සූරියබණ්ඩාර වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

තවදුරටත් කියවන්න: