ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කෘමිනාශක පානය : ශ්‍රී ලංකාව සිය දිවි හානි අවම කර ගත්තේ කෙසේද?
ලොව පුරා සිදුවන සිය දිවි නසා ගැනීම්වලින් පහෙන් එකකට හේතු වී ඇත්තේ කෘමිනාශක පානය කිරීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ හේතුවෙන් වසරකදී සිදුවන මරණ සංඛ්‍යාව ලක්ෂයකට අධික බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව තුළ අනතුරුදායක කෘමිනාශක නිෂ්පාදන තහනම් කිරීමත් සමග 1995 ත් 2015 ත් අතර කාලය තුළ සිය දිවි හානි කර ගැනීමෙන් සිදුවන මරණ 70% අඩු වී ඇති බව වාර්තා පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් මිනිස් ජීවිත 93,000 ක් බේරා ගැනීමට හැකි වී ඇත.
90 දශකයෙන් පසු ලොව පුරා කෘමිනාශක පානය හේතුවෙන් සිදුවන මරණ අඩකින් අඩු වුවත් විෂ සහිත එවැනි නිෂ්පාදන තවදුරටත් තහනම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට අවශ්‍ය වී ඇත.
ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ගය අසල්වැසි ඉන්දියාව මෙන්ම නයිජීරියාව ද අනුගමනය කරනු ඇතැයි පෙනෙන්නට තිබේ.