රාජකීය බිලිඳා: මේගන් මාකල් පුත් කුමරෙක් බිහි කරයි

මේගන් මාකල් සහ හැරී කුමරු

සසේක්ස් ආදිපාදවරිය වන මේගන් මාකල් කුමරිය බිලිඳු පුතෙකු බිහි කළ බව සසෙක්ස් හි ආදිපාදවර හැරී කුමරු නිවේදනය කළේය.

ඔවුන් දෙදෙනා "ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටින" බව පැවසූ හැරී කුමරු, මේගන් මාකල් කුමරිය ගැබ්ගෙන සිටි සමයේ ලබා දුන් සහයෝගය ගැන ජනතාවට සිය ස්තුතිය පුද කළේය.

මේගන් මාකල් කුමරිය සහ පුත් කුමරු ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව කී ඔහු වැඩිදුරටත් කියා සිටියේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලට එක්වන අලුත්ම කුමරුට තැබිය යුතු නම ගැන තවමත් සිතමින් සිටින බවය.

රාත්තල් 7ක් සහ අවුන්ස 3ක් බරැති බිලිඳු කුමරා උපත ලබන අවස්ථාවේ හැරී කුමරු ද එහි සිටි බව බකිංහැම් මාලිගය නිවේදනය කළේය.

එක්සත් රාජධානියේ රජකමට හිමිකම් කිව හැකි කුමර කුමරියන්ගේ ලැයිස්තුවේ හත්වැනි ස්ථානය මෙම අලුත උපන් කුමරුට හිමි වෙයි.

A notice of birth has been placed in the forecourt of Buckingham Palace

ඡායාරූප මූලාශ්‍රය, AFP

A notice of birth has been placed in the forecourt of Buckingham Palace

ඡායාරූප මූලාශ්‍රය, AFP

තවමත් නමක් තබා නොමැති මෙම කුමරු එලිසබත් රැජිනගේ අටවැනි මී මුණුපුරා ය.

තම පළමු දරුවා ගේ උපත පිළිබඳව අදහස් දක්වමින් හැරී කුමරු තවදුරටත් කියා සිටියේ "මගේ ජීවිතයේ ලැබිය හැකි හොඳම අත්දැකීම" මෙය වන බවය.

අලුත උපන් කුමරුගේ මව වන මෙගන් මාකල් ආදිපාදවරිය උපත ලබා ඇත්තේ එක්සත් ජනපදයේ ය.

එම නිසා මෙම කුමාරයා මහා බ්‍රිතාන්‍යයේ මෙන්ම එක්සත් ජනපදයේ ද පුරවැසිභාවය හිමි කර ගැනීමට උරුමය ඇති බැවින් ඔහුට ද්විත්ව පුරවැසිභාවය හිමි රාජකීය බිලිඳෙකු බවට පත්වීමේ හැකියාව පවතී.

මෙක්සිකෝවේ සිට ලන්ඩන් නුවර ප්‍රකාශයට පත්කෙරෙන Sun පුවත්පත සමග අදහස් දක්වමින් මේගන් මාකල් ගේ පියා, තෝමස් මාකල්, නව දෙමාපිය යුවලට සුභාශිංසන පිරිනමා තිබිණ.

වේල්සයේ කුමරිය, ඩයනා, ගේ සොහොයුරු චාල්ස් ස්පෙන්සර් ද ට්විටර් පණිවුඩයක් මගින් ඔවුන් දෙදෙනාට සුභ පැතුවේය.